මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කර ගැනීම සඳහා භාවිතා කරනු ලබන දෑ භාණ්ඩ හා සේවා ලෙස හදුනා ගනී. මෙම භාණ්ඩ හා සේවාවන් නිර්මාණය කිරීම පහත ආකාරයන් මත සිදුකරනු ලබයි.
- සෘජු නිශ්පාදනය
- වක්‍ර නිශ්පාදනය
සෘජු නිශ්පාදනය
පුද්ගලයන් විසින් තමන් හට අවශය කෙරෙන භාණ්ඩ හා සේවා තමන් විසින්ම නිශ්පාදනය කර ගැනීම සෘජු නිශ්පාදනයයිඋදා:-
- තම නිවස තමා විසින්ම තනා ගැනීම
- තම ආහාර අවශයතා සඳහා ගොවිතැන් කිරීම මාලු බෑම දඩයම් කිරීම
වක්‍ර නිශ්පාදනය
එනම් පුද්ගලයින් විසින් භාහිර පාර්ශවයන් (වෙළඳ පොල) සඳහා සිදු කරන නිශ්පාදන වක්‍ර නිශ්පාදන වන අතර බොහෝ දුරට වර්ථමානයේ මිනිසුන් තම අවශ්‍යතා සපුරාගනු ලබන්නේ මෙම වක්‍ර නිශ්පාදනය භාවිතයෙනි.
ඉහත සෘජු නිශ්පාදනය තුල තමන්ට අවශය කරන සෑම භාණ්ඩයක් හා සේවාවක්ම තමා විසින්ම නිශ්පාදනය කර ගැනීම ඈත අතීතයේ පැවති ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමය යටතේ පවත්තාගෙන යනු ලැබුවද එහි ඇති අපහසුතාවයන් මගහැරවීමට වක්‍ර නිශ්පාදන යටතේ තමාට නියලිය හැකි හොඳම වෘත්තිය තෝරා ගැනීමට පුද්ලයන් ක්‍රියාකල අතර එහිදී අනික් අවශයතාවයන් සපුරාලීමට භාණ්ඩ හුවමාරුව සිදුකරනු ලැබීය.
හාණ්ඩ හුවමාරු ක්‍රමය bata System (සෘජු හුවමාරැ ක්‍රමය)
මිනිසුන් තමන්ට හොඳටම කල හැකි වෘත්තියක පමණක් නියලීම තුලින් අත්පත් තරගත් අතිරික්ත නිශ්පාදනය තවත් අයකුගේ අත්රික්ත නිශ්පාදන තුලින් හුවමාරැ කර ගැනීම තුලින් අවශයතා හා උවමනා ඉටුකර ගැනීම තභාණ්ඩ හුවමාරැ ක්‍රමයයි.
උදා:-
- ධීවරයකු තම අතිරික්ත මථසය නිශ්පාදනය ගොවියෙකුගේ අතිරික්ත සහල් නිශ්පාදනය සමග හුවමාරැ කරගැනීම.
පහත දී තිබෙන කොටස හොදින් අධ්‍යනය කරන්න එය පසුගිය අවුරුදු 5දීම උ.පෙල විභාගයට අසා තිබිණි.
ඉහත භාණ්ඩ හුවමාරුව මගින් වෙළඳාම ආරම්භ වු නමුත් එය පවත්වා ගෙන යාමේදී පහත ගැටලු වලට මුහුණ දීමට සිදුවිය
- ද්වීක සමපාත ගැටලුව
- පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන් සෑම විටම අන්යෙයා්නය වශයෙන් නොගැලපීම.
උදා:-
- ධීවරයෙකුට සහල් අවශ්‍යතාවය ඇති විට හා ගොවියාට ඇදුම් අවශ්‍යතාවය ඇති විට ධීවරයා හා ගොවියා අතර භාණ්ඩ හුවමාරුව කළ නොහැකි වීම.
2. භාණ්ඩය කුඩා කොටස්වලට බෙදීමේ අපහසුතාවය
- ගනු දෙනු කල හැකි තත්වයටඇතැම් භාණ්ඩ අනු කොටස් වලට බෙදීමේ අපහසුව
3.නිශ්චිත හුවමාරු අනුපාතයක් නොමැති වීම.
- භාණ්ඩයක් තවත් භාණ්ඩයක් සමග හුවමාරු කර ගැනීමේදී එම භාණ්ඩ වල හුවමාරු වටිනාකම නිශ්චිතව තීරණය කල නොහැකි බැවින් එක් අයකුට වාසියක් අත්වන විට අනෙකාට පාඩුවක් ලැබීමට සිදුවීම.
4. වටිනාකම මැනීමේ නිශ්චිත මිනුමක් නොමැති වීම.
5.වෙළඳාම සඳහා භාණ්ඩ ගබඩා කිරීමේ අපහසුව
- ඉහත භණ්ඩ හුවමාරු ක්රමයේ පැවති දුර්වලතා මගහරවා ගැනීම සඳහා වර්තමානයේ භාණ්ඩ හා සේවාවල වටිනාකම මැනිය හැකි පොදු ම්නුම් දණ්ඩක් ලෙස මුදල හදුන්වා දෙන ලදී.
1 comments:
...
Post a Comment