ලොව හොඳ ම ගස තේරීම සඳහා “Tree of the Year” නමින් තරගයක් සංවිධානය කර තිබේ.
එම තරගය සංවිධානය කරනුයේ, Woodland Trust නමැති ආයතනයක් මගිනි.
මෙහි විශේෂත්වය වන්නේ, රොබින් හුඩ් පුරා වෘත්තයේ රොබින් හුඩ්ට සහ ඔහුගේ සගයින්ට සෙවන දුන් බව පැවසෙන ඕක් ගස ද මෙම හොඳ ම ගස තේරීමේ තරගයට නම් කර තිබීම ය.
ඊට අමතරව, ගුරුත්වාකර්ෂණ නියමය ඉදිරිපත් කිරීම සඳහා අයිසෙක් නිව්ටන්ට සහය වූ බව කියන ඇපල් ගස ද මේ අතර වේ.
මේ වන විට ලොව හොඳ ම ගස් 10ක් නම් කර ඇති අතර එම ගස් අතරින් හොඳ ම ගස තෝරා ගැනීමට නියමිත ය.
දැනට නම් කර ඇති හොඳ ම ගස් 10 මෙසේ ය.
The Major Oak, Nottinghamshire – ෂර්වුඩ් වනයේ පිහිටි මෙම වෘක්ෂය රොබින් හුඩ් සහ ඔහුගේ සගයින් නිදා ගැනීමට සහ සෙවණ ලබා ගැනීමට භාවිත කළ බව පැවසේ