නීතියට සහ ආරක්ෂකයින්ට අභියෝග කරමින් පැනගිය සිරකරුවෝ
සිර ගෙවල් පිළිබඳ ඉතිහාසය ඉතා ඈත අතීතයට දිව යන්නකි. ඉතිහාසයේ මුලින්ම සිරගෙවල් පිළිබඳ වාර්තා දකින්නට ලැබෙන්නේ බු.ව. පළමු සහස්රකයේ, පැරණි ඉතා බලගතු මෙසපොතේමියානු හා ඊජිප්තු ශිෂ්ටාචාරයන්හිය. එකල්හි සිරකරුවන් රඳවා තබනු ලැබුවේ
පොළව යට කණිනු ලැබූ බිම් ගෙවල් තුළය. පැරණි රෝම අධිරාජ්‍යයේද මෙබඳු පොළව යට තනනු ලැබූ සිරකුටි තිබුණද මෑත ඉතිහාසයේ ග්‍රීසියේ ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රම යටතේ වඩාත් සහනශීලී සිරගෙවල් පිළිබඳ වාර්තා දැකිය හැකිය. ඒවා බිම් ගෙවල්, ඉතා උස තාප්ප හෝ විදුලිය සම්බන්ධ කළ රැහැන් ආදියෙන් තොර හුදකලා නිවාස විය. ඒවායේ සිරකරුවන්ගේ දෙපා ලී කොටයකට තබා අගුලු ලා තිබූ අතර සිරකරුවන්ට රිසි ඕනෑම විටක යහළුවන් හා නෑදෑයන් හමුවීමේ හැකියාව තිබිණි.

එක් එක් රටවල අනුක්රමයෙන් මේ තත්ත්වය වෙනස් වෙමින් ගොස් සිරගෙවල් නවීකරණය විය. එසේ වූයේ සිරකරුවන් පැනයාම වැළැක්වීම සඳහාය. පසු කාලවලදී සිරකඳවුරු තුළ ගිනිඅවි රැගත් භටයන් රැඳවූ උස් මුර කුලුනු, ඉතා උස තාප්ප හා විදුලිය සම්බන්ධ කළ රැහැන් ආදිය ඉදිවුණේ සිර ගෙවල් වටා ආරක්ෂාව වඩාත් තරකරනු සඳහාය.
මේ කුමන ආකාරයේ ආරක්ෂක විධි යෙදුවද, සිරගෙවල් ඇතිවූ දා පටන් අද දක්වාම සිරකරුවන් සිරගෙවල්වලින් පැන යාම නොකඩවාම සිදුවුණි.
මෙබඳු සිරගෙවල්වලින් පැන යාම් අතුරෙන්, කෙසේවත් පැනයා නොහැකි යයි සැලකෙන සිරගෙවල්වලින් ඉතා
සූක්ෂම ලෙස හා ශූර ලෙස සිරකරුවෙකු පැනගිය කල්හි එය ලොව පුරා ප්‍රසිද්ධ සිදුවීමක් වන්නේය. එබඳු කල්හි දරුණු අපරාධකරුවකු සමාජයට නැවත අවතීර්ණ වීම කොතෙක් සමාජයට හානිකර කරුණක් වුවද ඔහුගේ ශූර බුද්ධිය හා අවදානමට මුහුණ දීමට ඇති නිර්භය බව පිළිබඳව මිනිසුන් තුළ ඇතිවන්නේ විශ්මයජනක හැඟීම්ය.
ඒවා ඇසුරින් ලොව පුරා බෙහෙවින් ජනප්‍රිය සම්මාන ලාභී කලා කෘති බිහිවීමටත්, මෙම ඇදහිය නොහැකි උපක්‍රමශීලී පැනයාම් කොතරම් දුරට මිනිස් සිත් තුළට කාවැදී ඇද්ද යන්න හා නව නිර්මාණ බිහිකිරීමට බලපා ඇද්ද යන්න පැහැදිලි වෙයි.
පහත දැක්වෙන්නේ එබඳු ලොව පුරා ජනප්‍රියත්වයට හා ප්‍රසිද්ධියට පත්වූ සිරෙන් පැනයාම් පිළිබඳ සිදුවීම් කිහිපයකි.
බොහෝ ජනප්‍රියත්වයට පත්වූ සම්මානලාභී Catch me if you can නම් ඉංග්‍රීසි චිත්‍රපටය පිළිබඳව පාඨක ඔබ අසා ඇතැයි සිතමි. එම චිත්‍රපටය නිපදවීමට පාදක වූයේ, බැංකු හා මූල්‍ය වංචාවන් රැසකට චෝදනා ලැබූ වරදකරුවකු වන ෆ්රෑන්ක් ඇබග්නේල් (Frank Abagnale) නම් සැබෑවටම ජීවත්වන පුද්ගලයාගේ චරිතයයි. චිත්‍රපටයේ ඔහුගේ චරිතය රඟපෑවේ ලියනාඩෝ ඩී කැප්රියෝය.
ෆ්රෑන්ක් ඇබග්නේල් ඒ ඒ අවස්ථාවන්හිදී වෛද්‍යවරයෙකු, ගුරුවරයෙකු, ගුවන් නියමුවෙකු හා නීතිඥයකු ලෙස පෙනී සිටිමින් සිදුකළ වංචා අපමණය. ඒවා සඳහා ඔහු උපයෝගි කරගත්තේ සාමාන්‍ය පුද්ගලයෙකුට කෙසේවත් සාර්ථක කරගත හැකි යයි අනුමාන කිරීමට පවා අපහසු ඇසූවන් මවිත කරවන ක්රමෝපායයන්ය. එහෙත් ඔහු හිරෙන් පැන යාමට උපයෝගි කරගත් උපාය මාර්ගය අන් සියල්ල අභිබවා යයි.
අවසානයේ සිදුකරන ලද විවිධ වංචාවන් සඳහා වසර 12ක සිර දඬුවමකට යටත් වීමට සිදුවූ ඇබග්නේල්ට 1971 දී නොසිතූ විරූ වාසනාවක් උදාවිය. ඒ ඔහුව ජ්ඕ රැඳවුම් කඳවුරක සිට ජෝර්ජියාවේ සිර කඳවුර වෙත රැගෙන යමින් සිටි ඇමරිකානු නිලධාරීන්ට ඇබග්නේල්ට අදාළ ලියකියවිලි රැගෙන යාමට අමතක වූ අවස්ථාවයි. ඉන් ඔහුට පැන යාමට කිසිසේත්ම අවස්ථාවක් නොලැබුණද, පැන යාමක් සඳහා සැලැස්මක් සකස් කිරීමට කදිම මගක් පෑදුවේය. තමා සැබෑ සිරකරුවකු නොව සිරගෙදර තත්ත්වය පිරික්සීම සඳහා වෙස්වලාගෙන සිටින සිර කඳවුරු පරීක්ෂකවරයෙකු බව ආරක්ෂක නිලධාරීන්ට ඇඟවීමට ඇබග්නේල් මෙය කදිම අවස්ථාවක් කර ගත්තේය. මනාව, පිරිසිදුව හැඳ පැළඳ සිටින, හොඳ කතා විලාශයක් හා උගත්කමක් ඇති, ඔහුට අදාළ කිසිදු ලියවිල්ලක්ද නැති මේ පුද්ගලයා සැබෑවටම තමන්ගේ රාජකාරිය හා සිරගෙදර යථා තත්ත්වය නිරීක්ෂණය කිරීමට පැමිණි නිලධාරියෙකු යයි රැකවලුන් සිතන මට්ටමටම ඇබග්නේල් තම චරිතය මනාව රඟපෑවේය. (එවකට ඇමරිකානු සිරගෙවල්වල තත්ත්වය පිළිබඳ මහජන උද්ඝෝෂණ පැවති බැවින් මෙබඳු වෙස්වලාගත් නිලධාරීන් පැමිණීම සාමාන්‍ය සිදුවීමක් විය. ඒ හේතුවෙන් එතැන් පටන් ඔහුට වඩා හොඳ ආහාර පාන මෙන්ම වෙනත් සිරකරුවනට නොමැති බොහෝ වරප්‍රසාද සිරගෙය තුළදී හිමිවිය.
මේ තත්ත්වය උපයෝගි කරගෙන සිරෙන් පැනයාමට ඇබග්නේල් උපක්‍රමයක් යෙදුවේය. ඒ සඳහා ඔහු ඔහුගේ කලින් හිතවතියකව සිටි ජීග් ෂබේරින් නමැත්තියවද
යොදා ගත්තේය. ඇබග්නේල් සිද්ධිය විභාග කළ ජ්ඕ නියෝජිත ජෝ ෂියා ජීන් මුණගැසීමට පැමිණි අවස්ථාවේදී ඇය ඔහුගේ විසිටිං කාඩ්පත ලබාගෙන ඒ හා සමාන ව්‍යාජ කාඩ්පතක් නිර්මාණය කළාය. ඊළඟට ඇබග්නේල්ගේ උපදෙස් පිට සඟරාවකට ලිපි සපයන්නියක ලෙස පෙනී සිටිමින්. සිරගෙවල් පිළිබඳ ලිපියක් ලිවීමට කරුණු ගොනු කිරීමට පැමිණි සේ අඟවා සිර ගෙදර
පරීක්ෂකවරයෙකුගේද විසිටිං කාඩ් පතක් ලබා ගත්තේය.
ඊළඟට ඇබග්නේල්ගේ පෙම්වතිය ලෙස අඟවා ඔහුව මුණගැසීමට පැමිණ ඉහත කී කාඩ්පත් දෙකම ඇබග්නේල් අත තැබුවාය.
ඊට පසු දින ඇබග්නේල් සිරගෙදර රැකවලුන් අමතා තමා ඇත්ත වශයෙන්ම සිරකරුවකු නොව වෙස්වලාගන සිටි
පරීක්ෂකවරයකු යයි පවසා එය සනාථ කිරීමට ඔහුගේ යෙහෙළිය ගෙනවුත් දුන් පරීක්ෂකවරයාගේ විසිටිං කාඩ් පතද පෙන්වීය.
තමන් සැක සිතූ දේ නිවැරදි යයිද රජයේ උපක්රමයට හසු නොවී, වෙස්වලාගත් පුද්ගලයා කල්තියා හඳුනා ගැනීමට තරම් තමන් දක්ෂවීම පිළිබඳවද ඔවුහු පුරසාරම් දෙඩීමට තරම් ඇබග්නේල්ගේ රඟපෑම තාත්වික විය.
ඊළඟට ඔහු යෙහෙළිය ගෙනවුත් දුන් ජ්ඕ නියෝජිත විසිටිං කාඩ් පත රැකවලුන්ට දෙමින් වහාම මේ නියෝජිතවරියට කතා කරන්නැයි පැවසුවේය. ඔවුහු එහි සඳහන් දුරකථන අංකයට කතා කළ විට ඇබග්නේල්ගේ යෙහෙළිය පිළිතුරු දෙමින් ඇයට වහාම පසුදින සිර කඳවුරෙන් පිටතදී ඔහුව හමුවීමට අවශ්‍ය බව පැවසුවාය. ඒ අනුව පසුදින, සිර කඳවුරෙන් පිටත ඇබග්නේල්ගේ යෙහෙළිය
රථය නවතාගෙන සිටින ස්ථානයට, කිසිදු අවහිරයකින් තොරව ඉදිරිපස ගේට්ටුවෙන් පිටව ඇවිදගිය ඇබග්නේල් වාහනයට නැගී රැකවලුන් බලා සිටියදීම පිටත් වී ගියේය.
ඊට ටික කලකට පසු නැවතත් නීතියට කොටු වුවද ඉන් වසර 5කට පසු චෙක්පත් වංචා සම්බන්ධයෙන් ඔහු තුළවූ දැනුම, එබඳු වංචාවක් හඳුනා ගැනීමට යොදා ගැනීම උදෙසාත් එබඳු වංචාවන්ට හසු නොවීමට මහජනතාව දැනුවත් කිරීම උදෙසාත් යොදා ගැනීමේ අදහසින් ජ්ඕ ආයතනය ඔහුව හිරෙන් නිදහස් කොට තම ආයතනයේ සේවය සඳහා යොදවා ගත්තේය.
තියොඩෝර් රොබට් කොවෙල්ගේ
පළමු සිරෙන් පැනයාමද බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණේ ඔහු ඒ සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගයේ අපූර්වත්වය නිසාය.
තියොඩෝර් කොවෙල් නොහොත් “ටෙඩ් බන්ඩි” ඇමරිකානු ජාතිකයෙකි. 1970ත් 80ත් අතර කාලයේ කාන්තාවන් ගණනාවක්ම දූෂණය කර මරා දැමූ ඔහු කොළරාඩෝ ප්‍රාන්තයේදී අත්අඩංගුවට පත්විය. එහිදී ඔහුට විරුද්ධව විභාග වූ නඩුවේ තමා වෙනුවෙන් නීතිඥ සහය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඔහු තමාම තමා වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාවක් ඉල්ලා සිටියේය. ඒ සඳහා ඔහුට උසාවියෙන් අවසර ලැබුණි. හිරෙන් පැනයාම සඳහා බන්ඩි විසින් කළ සැලසුමේ මුල් පියරව එසේ සාර්ථක විය.
බන්ඩි එම නඩුවේ විත්තිකරු මෙන්ම විත්තියේ නීතිඥ මහතාද වූ බැවින් විනිසුරුවරයා විසින් මාංචු රහිතව උසාවියේ සිටීමටද ඔහුට ඉඩ ලබාදුන්නේ නඩුව විභාග වන අවස්ථාවේ නීතිඥ මහතකු මෙන් නිදහසේ හැසිරීමට පහසුවන පරිද්දෙනි.
නඩු විභාගය මඳකට නතර කළ අවස්ථාවේදී බන්ඩි, උසාවියේ පුස්තකාලය පරිහරණය කිරීමට අවශ්‍ය බව දැන්වූ කල්හි විනිශ්චයකරුට එය
ප්‍රතික්ෂේප කිරීම උගහට විය. මන්ද, ඔහු විත්තිකරු මෙන්ම, පුද්ගල ඝාතන රැසක් සිදුකළ දරුණු මිනීමරුවකු නිදහස් කර ගැනීම වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහතාද වූ බැවින් ඔහුගේ දැනුම අලුත්කර ගැනීම සඳහා පුස්තකාලය පරිහරණය වැදගත් බව පැහැදිලි කරුණක් වූ බැවිනි.
ඉදින් බන්ඩි, රැකවලුන්ගේ පෙනෙන මානයෙන් ඉවත්ව පුත්කාලයෙහි තනිවූ කෙනෙහි පුස්තකාලය පිහිටි දෙවන මහලේ ජනේලයෙන් බිමට පැන පලා ගියේය.
ඊට හය මසකට පසු ඔහු නැවතත් නීතියේ රැහැනට කොටුවූ නමුදු එවරද හිරෙන් පැන ගියේය. එහෙත් 1978 පෙබ. 15 අවසන් වරට නීතියට හසුවූ බන්ඩි මරණ දඬුවමට නියම වූයෙන් 1989 දී විදුලි පුටුවේ හිඳුවා මරා දමනු ලැබිණ.
චාල්ස් වික්ටර් තොම්සන් මරණ දණ්ඩනයට නියම කරනු ලැබුවේ 1998 දී ඔහුගේ කලින් පෙම්වතිය හා ඇගේ පෙම්වතාව මරා දැමීමට වරදකරු කරමිනි. 2005 වසරේදී මරණ දඬුවම් ලැබිමට පෙර හිරෙන් පැන යාමට ඔහු කදිම උපක්‍රමයක් යෙදුවේය. මෙහිදීත් විශේෂය වූයේ සිරුර වෙහෙසවා බිම් ගෙවල් කැණීම් හෝ සිරගෙය තුළ කලබගෑනියක් ඇති නොකොට සූක්ෂම බුද්ධිය මෙහෙයවා සිදුකළ ඉතා සරල උපක්‍රමයක් යොදා ගැනීමය.
ඔහු මුලින්ම කළේ සිරකුටිය තුළට හොර රහසේ සාමාන්‍ය ඇඳුමක් ගෙන්වා ගැනීමය. ඊළඟට ඔහුගේ නීතිඥතුමා හමුව කතා කළ යුතු බව පැවසුවේය. නීතිඥ තැන පැමිණ ඔහු හා සාකච්ඡාව නිමවා කාමරයෙන් පිට වූ වහාම තොම්සන් තමාගේ සිරකරු ඇඳුම ගලවා කලින් ගෙන්වාගෙන සූදානම් කොට ගෙන සිටි සාමාන්‍ය ඇඳුමින් සැරසී එතෙක් අගුලු ලා නොතිබූ දොරෙන් පිටවී ගියේය. නීතිඥතුමා හමුවූ කාමරයේ සිට සිර ගෙදර ප්‍රධාන දොරටුව වෙත ඇවිද ගිය තොම්සන්ව එහිදී මුර භටයන් විසින් නවතන ලදී.
ඔහුගේ සිරගෙයින් පැන යාමේ සැලසුමේ දෙවන අදියර සඳහා කල්තියා සූදානම් කොට ගෙන සිටි ව්‍යාජ නිල ලාංඡනය මුර භටයන් වෙත පෑ ඔහු තමා නීතිපති කාර්යාලයේ සේවය කරන බව පැවසීය. නිල ලාංඡනය දෙස හොඳින් බැලූ මුරභටයින් මෙබඳු ලාංඡනයක් මින් පෙර දැක නැතැයි පැවසුවද වැඩිදුර ප්‍රශ්න කිරීම් කොට ඔහුව අපහසුතාවයට පත් කිරීම නොමැනවයි සිතා සිරගෙයින් පිටවී යාමට අවසර දුන්නේය. ඇල්ෆ්‍රඩ් ජෝර්ජ් හයින්ඩ්ස් නොහොත් ඇල්ෆී්ර ආයින්ඩ්ස් බ්‍රිතාන්‍ය ජාතික නමගිය රන් ආභරණ සොරෙකි. ඔහු තුන් වතාවක්ම ඉතා තද ආරක්ෂක විධි සහිත සිරගෙවල්වලින් පැන ගියේය. මේ නිසාම විසිවන සියවසේ මැද භාගයේදී ඔහු ජනප්‍රිය හා ප්‍රසිද්ධ පුද්ගලයෙකුද විය. පළමුවර පැනයාම සඳහා ඔහු, තම සිරකුටිය අගුලු දැමීමට මුර භටයා විසින් පාව්චිචි කරන යතුරෙහි හැඩය මතක තබා ගත්තේය. ඉන්පසු තමා පාවිච්චි කළ ජෝගුවෙන් හැඬලය කඩා එයින් යතුරක් සාදාගෙන එයින් සිරකුටියේ අගුලු හැරගෙන පහසුවෙන්ම පිටවී ගොස් සිරගෙදර තාප්පයෙන්ද පැන පිට වී ගියේය. එහෙත් මාස 8කට පසු නැවතත් නීතියට කොටුවූ ඔහු දෙවන වර වෙනත් උපක්‍රමයක් කල්පනා කළේය. තමාව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගත්තේ යයි ඔහු තමාව අත්අඩංගුවට ගත් නිලධාරීන්ට විරුද්ධව නඩු පැවරුවේය. නඩු දිනට පෙරදින තම නඩුව අසන උසාවියේ විවේකාගාරයේ වැසිකිළියේ දොර අසල අගුලු ලෑ හැකි ඉබ්බෙකු තබා යන්නැයි තම මිතුරෙකුට දැනුම් දුන්නේය. නඩු ඇසීම සඳහා උසාවියට ගෙන ගිය කල්හි හයින්ඩ්ස් තමාට විවේකාගාරයේ වැසිකිළියට යාමට අවසර ඉල්ලුවේය. ඔහුව එහි ගෙනගිය මුරභටයින් දෙදෙනා හයින්ඩ්ස්ගේ මාංචු ගැලවූ වහාම ඔහු මුරභටයිනට කිසිවක් සිතා ගැනීමටවත් ඉඩ නොදෙමින් ඔවුන්ව කුදලා වැසිකිළිය තුළට තල්ලුකොට දොර වසා වහාම එතැන තබා තිබූ ඉබ්බා දමා අගුලුලා එතැනින් පිටවී පලා ගියේය.

අවසන් වර සිරගත කෙරුනු අවස්ථාවේ, හයින්ඩ්ස් නීති විරෝධී ලෙස නොව නීත්‍යනුකූල ලෙස හිරෙන් සදහටම නිදහස් වීමට සිතුවේය. නීතිය පිළිබඳ යම්තාක් දුරකට දැනුමක්ද තිබුණු ඔහු තමාට විරුද්ධව ගොනු කළ නඩුවේ නීතියේ තිබූ දුර්වලතා ප්‍රයෝජනයට ගනිමින් තමාව අත්අඩංගුවට ගැනීම නීති විරෝධී යයි නැවතත් නඩු පැවරුවේය. ඔහු සත්‍ය වශයෙන්ම වරදකරු බව සියල්ලෝම දැන සිටියද ඔහුව නිදහස් කිරීමට සිදු වූයෙන් නැවත එවැන්නක් සිදු නොවීමට වගබලාගනු පිණිස එයින් පසු බ්‍රිතාන්‍ය නීතියේ වෙනස්කම් කිහිපයක්ද සිදු කරන ලදී.
අන්තර්ජාලයෙන් කල උපුටාගැනීමකි
0 comments:
Post a Comment