ගෑනු ලමයිට පොඩි කුකිං පාඩමක් : හස්බන්ඩලාටත් ලකුණු ලබා ගත හැකි ක්රමයකි....මාද අනාගතයේදි අනුගමනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි.මෙය මා දුටු 1ක් සුන්දර සිහිනයකි.... හ්ම් හෑම්දාම මෙක් කරන්න උනොත්තමයි වෑඩෙ.....
ඊයේ සවස් යාමයේ අප නිවසේ ඇති වූ දෙබසක් මෙසේය.
ඇය: සුදු.... (ඒ ඇය ආදරයෙන් මා අමතන ආකාරයයි), අද රෑට බත් නැතුව වෙන මොනවා හරි කමුද?
මම: හා! ඔයා මොනවද හදන්න යන්නේ?
ඇය: මට නං අද හරිම කම්මැලියි අනේ. ආප්පවත් ගේමු.
මම: ඔයා කිව්වට මට නේ කඩේ යන්න වෙන්නේ……. වෙන මොනවා හරි කමු.
ඇය: එහෙනං අර ඔයා හරිම රසට හදන රොටී හදන්නකෝ මෙයා, කාලෙකින් හැදුවෙත් නෑනේ?
මම: හ්ම්!
මෙවැනි රාජකාරී මට විටින් විට පැවරේ. එවැනි වේලාවට මා ගයන ප්‍රියතම ගීතය Justin Timber lake ගේ "goes around ..." ගයමින් මම කුස්සියේ වැඩ ඇරඹීමි.
මෙන්න මං ඊයේ රොටි හදපු හැටි අද Remix blog ekeන්.
උවමනා ද්‍රව්‍ය:
තිරිඟු පිටි සහ ගා ගත් පොල් ඇති පමණ
ලුනු ස්වල්පයක්
සාදන ක්‍රමය:
පලමුව පිටි, පොල් සහ ලුනු භාජනයකට දමා වතුර ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණයට වතුර වැඩි වුනොත් පිටි සහ පොල් එකතු කර ගන්න.
දැන් පිඟානක් මත පිටි ස්වල්පයක් ඉස, මිශ්‍රණයෙන් කොටසක් ගෙන එය ඔබ දැක ඇති රොටියක හැඩයට සාදා ගන්න. මෙය රොටිය වැඩිම ලෙස හැඳින්වේ.
රොටි පුච්චන්නේ තාච්චියේය.
එක රොටියක් පිච්චෙන අතර තව එකක් වඩවා රෙඩි කර තබා ගත යුතුයි.
අවශ්‍ය නම් පැරලල් ප්‍රොසෙසින්ද කළ හැක.
මෙන්න බලන්න සාදාගත් රොටි වැජඹෙන අපූරුව.
Wife කට්ට සම්බලයක් සහ ෆීෂ් කරියක් සාදා සහයෝගය දැක්වූවාය.
රොටි සියල්ල ඉවර විය.
-කතන්දරකාරයා
ප/ලි:
මෙන්න තවත් විස්තර.
1. රොටි මිශ්‍රණයේ පදම එක්වරම ගන්නට තරමක පුරුද්දක් අවශ්‍ය වේ.
2. ගා ගත් පොල් නැති නම් ඒ වෙනුවට ඩෙසිකේටඩ් කොකනට් ද භාවිතා කළ හැක.
3. රොටිය වඩවා ගැනීමේදී තෙල් ඉතා ස්වල්පයක් එක් කර ගැනීමෙන් රොටි කර වීම වැලකේ. නිමාවද පියකරු වේ.4. කට්ට සම්බෝලය සෑදීමට ගන්නා ද්‍රව්‍ය රොටි මිශ්‍රණයටම එකතු කර අනා කට්ට සම්බල් රොටි සාදා ගත හැක. එවිට එහි ඇති ලොකු ලූණූ බැදී හොඳ රසක් ලැබේ.
මෙය අන්තර්ජාලයෙන් උපුටා ගත් ලිපියකි....
0 comments:
Post a Comment