මම හිතනවා සමහරවිට ඔයා ඊ මනී ගැන හොදටම දන්න කෙනෙක්,ටිකක් දන්න කෙනෙක් හෝ මොනවත්ම නොදන්න කෙනෙක් වෙන්න පුලුවන්.ඒ කොහොම හරි ඔන්න ඕනැ කෙනුකුට දැනගන්න පට්ට විදිහට කියල දෙන්නයි යන්නෙ ඊ මනී ගැන.
ගොඩක් අය හිතනවා ඊ මනී කියපුවහම ආහ් මේක තමා මරුම වැඩේ කියල.ඒ වගේම තවත් සමහරක් අපේ කොල්ලො කෙල්ලො හිතනවා ඕව බොරු වැඩ.ඔහොම සල්ලි හොයන්න පුලුවන්නම් කාටද බැරි කියල.ඇත්තටම මම ඒ මත දෙකටම කැමතිම නැහැ.මොකද අපි යමක් ගැන හරියටම දැනගන්න ඉස්සර ඒ ගැන එහෙම තීරණය කරන එක වැරදියි.
සමහර විට එහෙම හිතන එකේ සාධාරණ කමකුත් තියෙන්න පුලුවන්.මොකද අපේ ලංකාවෙ අද වෙනකොට ඉන්ටර්නෙට් ගුරු කියල කට්ටියක් බිහිවෙලා තියනවා.එයාලගෙ එකම අභිප්‍රාය තමා අන්තර්ජාලයෙන් මුදල් කියන මතෘකාව විකුණලා කන එක.තවත් පිරිසක් ඉන්නවා. එයාලගෙ වැඩේ ඒ අය හරහා අපේ මින්ස්සුන්ව ඊ මනී ආයතනවල රෙජිස්ටර් කරල එයාලගෙ අතමිට සරුකරගන්න එක.ඔයාලට ඒක හොදට හදුනගන්න පුලුවන්, දන්නවානෙ පත්තරවල දැන්වීම් දානවා, ඉන්ටර්නෙට් මනී නොමිලේ ඉගෙන ගන්න කියල එහෙම, දැකල ඇතිනේ.ඒ අතර තවත් සමහරක් ඉන්නවා තනිකර බොරු උගන්වන අය.මම කියන්නෙ අත්දැකීම් ලබාගන්න් ඕනැනම් ඔය හැම ක්‍රමයක්ම අනුගමනය කරනඑක ගොඩක් හොදයි.හැබැයි මතක තියාගන්න ඔයාල අතේ තියන්න තුට්ටු දෙකටත් කෙලවගන්න වැඩක් නම් කරගන්න එපා.
ඇත්තටම කීවොත් ඉන්ටර්නෙට් මනී කියන්නෙ බිස්නස් එකක්.ඒකෙ අයිති කාරයෝ අපි නෙමේ.අපිට වඩා ගොඩක් දැනුමෙන් වැඩි උගත් පිරිසක් වෙන්න පුලුවන්.එතකොට අපි කවුද?අපි එයාලගෙ සේවකයෝ කීවොත් මම නිවැරදියි.සමහරවිට ඔය බිස්නස් වල සැබෑ සේවකයො අපි නෙමේ.හිතල බලන්නකෝ සිල්ලර කඩ ගැන.එයාලට බඩු දෙන්නෙ තොග වෙළ්දපොල.තොගවෙළදපොලට බඩු දෙන්නෙ විවිධ ව්‍යාපාර.ඉතින් ඕකෙ අනිත්ම පුරුක තමා සාමන්‍ය මිනිස්සු.ඕව හැම එකකින්ම වැඩි ප්රතිලභයක් ලබන්නේ ව්‍යාපාර තමා.ඒ වගේ ඔයාල කවදාවත් හිතන්න එපා ඉන්ටර්නෙට් මනී කියන්නෙ හැමෝටම නිකන් දෙන දන්සැලක් වගේ කියල.අපේ මිනිස්සු දන්සැල් දුන්නට පිටරට අය ඒතරම් කාරුණික නෑ.සමහර ඉනට්ර්නෙට් මනී තියනව සල්ලි ගෙවල තමා කරන්න වෙන්න.සමහර ඒව තියනව නොමිලේ කරන්න පුලුවන් ඒව.හැබැයි ඔය නොමිලේ දෙනවයි කියන ඒව ගොඩක් පට්ටපල් බොරු.අතලොස්සක් තමා හරියට කරන්න පුලුවන් වැඩ තියෙන්නෙ.ඉතින් අපි දැනගන්න ඕනැ මොනවද හරි ඒව කියල දැනගන්න.
0 comments:
Post a Comment